Thursday, 24 April 2025

The Great Wave off Kanagawa - සිංහලෙන් පැහැදිලි කරන්න 

(ජනවාරි 31,2025. ටෙස්ටින් වන් - ඩීප් සීක් සිංහල පරිවර්තන හැකියාව)

ද ග්රේට් වේව් ඕෆ් කනගාවා යනු ජපන් කලාවේ ප්රසිද්ධම කෘතිවලින් එකකි. මෙම කලා කෘතිය නිර්මාණය කර ඇත්තේ 19 වන සියවසේ ජපානයේ උකියෝ-ඊ (Ukiyo-e) කලා ශෛලියේ මහා මාස්ටර් උතුරු කිතාගාවා (Katsushika Hokusai) විසිනි. මෙම කලා කෘතියේ සම්පූර්ණ නම "කනගාවා වෙරළ අසල ඇති රළ විශාල රැළ" යන්නයි.


මෙම කලා කෘතියේ ප්රධාන චිත්රය වන්නේ විශාල රළක් මතුවී ඇති අවස්ථාවක, එහි ඇතුළත කුඩා බෝට්ටු කිහිපයක් රළට මුහුණ දෙමින් ඇති අවස්ථාවයි. පසුබිමේ ෆුජි කන්ද දර්ශනය වේ.


"ද ග්රේට් වේව් ඕෆ් කනගාවා" යන කලා කෘතියේ තේරුම සහ ගැඹුරු අර්ථය ගවේෂණය කිරීම සිත්ගන්නා සුළුය. මෙම කලා කෘතිය ජපන් සංස්කෘතිය, දර්ශනය සහ මානව හැඟීම්වල ගැඹුරු අර්ථයන් ගෙනහැර දක්වයි. 


1. ප්රකෘතියේ බලය හා මානවයාගේ කුඩාකම

   - මෙම කලා කෘතියේ ප්රධාන තේමාව වන්නේ ප්රකෘතියේ අසීමිත බලය සහ මානවයාගේ කුඩාකමයි. විශාල රළ තරංගය මානවයාගේ බෝට්ටුවලට වඩා බෙහෙවින් විශාල හා බලවත් ලෙස නිරූපණය කර ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ මානවයා ප්රකෘතිය ඉදිරියේ කොතරම් කුඩා හා අසරණද යන්නයි. 


2. ෆුජි කන්ද සහ සදාකාලිකභාවය

   - පසුබිමේ දර්ශනය වන ෆුජි කන්ද, ජපන් සංස්කෘතියේ සදාකාලිකභාවය සහ ස්ථාවරත්වය නිරූපණය කරයි. රළ තරංගයේ චංචලතාවයට වඩා ෆුජි කන්ද නිශ්චල හා සාමකාමීව පවතී. මෙය ජීවිතයේ චංචලතාවයට එරෙහිව සදාකාලික සත්යයන් පවතින බව පෙන්වයි.


3. අනිශ්චිතතාවය හා අවදානම

   - රළ තරංගය ඉදිරියේ ඇති බෝට්ටු මානව ජීවිතයේ අනිශ්චිතතාවය සහ අවදානම නිරූපණය කරයි. මෙම බෝට්ටු රළ තරංගයට මුහුණ දෙමින් ඇති අතර, ඒවායේ ගමන කෙලෙසද යන්න අපැහැදිලිය. මෙය ජීවිතයේ අභියෝග හා අනාවැකි නොවන ස්වභාවය පිළිබිඹු කරයි.


4. සාමකාමීත්වය හා ආපදා අතර සංතුලනය

   - මෙම කලා කෘතිය සාමකාමීත්වය සහ ආපදා අතර සංතුලනයක් නිරූපණය කරයි. රළ තරංගයේ බලවත් චංචලතාවය සහ ෆුජි කන්දේ සාමකාමී දර්ශනය එකට එකතු වී ඇත. මෙය ජීවිතයේ ධනාත්මක හා ඍණාත්මක අවස්ථා එකට ගමන් කරන ආකාරය පිළිබිඹු කරයි.


5. ජපන් සංස්කෘතිය හා ආචාර ධර්ම

   - මෙම කලා කෘතිය ජපන් සංස්කෘතියේ ප්රකෘතියට ගරු කිරීම සහ ආචාර ධර්ම පිළිබිඹු කරයි. ජපන් සංස්කෘතියේ ප්රකෘතිය හා මානවයා අතර සම්බන්ධය ඉතා ගැඹුරු වන අතර, මෙම කලා කෘතිය එය හොඳින් නිරූපණය කරයි.


6. භාවනාත්මක අර්ථය

   - මෙම කලා කෘතිය භාවනාත්මක අර්ථයක් ද වේ. එය ජීවිතයේ චංචලතාවය, සදාකාලිකභාවය, සහ මානවයාගේ ස්ථානය පිළිබඳව ගැඹුරු චින්තනයකට යොමු කරයි.


සරලව කිවහොත්, "ද ග්රේට් වේව් ඕෆ් කනගාවා" යනු ප්රකෘතියේ බලය, මානවයාගේ කුඩාකම, ජීවිතයේ අනිශ්චිතතාවය සහ සදාකාලික සත්යයන් පිළිබඳව ගැඹුරු චින්තනයක් ඇති කරවන කලා කෘතියකි. එය නිර්මාණය කළ උතුරු කිතාගාවාගේ දක්ෂතාවය හා ගැඹුරු අවබෝධය මෙම කෘතිය හරහා පැහැදිලිව පෙනේ.




Monday, 21 October 2019

"කොක්කබාබා"

ඉණලා අමුඩකෙටිය
තෙපලා නොතේරෙන බස
සීරපායි වැදි කුමාරය
යනවාලු දඩයමේ ඉඳහිට

Tuesday, 1 October 2019

සිත් ගත් පරිවර්තනය - ඇට මැස්සා

Pasht, for his part, regarded Martini as a useful piece of household furniture. This visitor never trod upon his tail, or puffed tobacco smoke into his eyes, or in any way obtruded upon his consciousness an aggressive biped personality. He behaved as a mere man should: provided a comfortable knee to lie upon and purr, and at table never forgot that to look on while human beings eat fish is not interesting for a cat. The friendship between them was of old date. Once, when Pasht was a kitten and his mistress too ill to think about him, he had come from England under Martini's care, tucked away in a basket. Since then, long experience had convinced him that this clumsy human bear was no fair-weather friend.


Saturday, 24 August 2019

කුශ්මිත


රාජ ඉසුරු බරට වටින
වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන
දිනිඳු නිදනවා
සීත නලින සිහින ලොවට
බිළිඳු වඩිනවා
~සේකර~

Wednesday, 20 March 2019

The Elephant's Child - Rudyard Kipling



I keep six honest serving-men
(They taught me all I knew);
Their names are What and Why and When
And How and Where and Who.
I send them over land and sea,
I send them east and west;
But after they have worked for me,
I give them all a rest.

I let them rest from nine till five,
For I am busy then,
As well as breakfast, lunch, and tea,
For they are hungry men.
But different folk have different views; 
I know a person small-
She keeps ten million serving-men,
Who get no rest at all!

She sends'em abroad on her own affairs,
From the second she opens her eyes-
One million Hows, two million Wheres,
And seven million Whys! 

Tuesday, 17 April 2018

තනිකම - පිළිරුව - සාගර පලන්සුරිය - keyas - thanikama

උපුටා ගත්තේ "ජීව බශාව" සංස්කාරක "ඊ ආර් එරත්න"

වික්ටර් කොස්වින්න සවිසි වියෙහි සිටි තරුණයෙකි. අමුපතනේ අලුතෙන් පිහිටුවන ලද උප තැපැල් කාර්යාලය භාරව පැමිණි වික්ටර් කොළඹ ඉපිද කොළඹම ඇති දැඩි වූ නාගරිකයෙකි. එහෙයින් අමුපතනය වැනි පිටිසරක් ඔහුගේ සිත් නොගැනීම පුදුමයක් නොවේ . අමුපතනේ ගැහැනුන් පිරිමින් වත් ඔවුන්ගේ සිරිත් විරිත් වත් වික්ටර් ගේ සිත් නොගත්තේය. ඔවුන්ගේ කතාබහ අහනා ඔහුට ඉසේ ඇම්ම හැදෙන්නේය. වික්ටර් ගොඩට ගත් මාළුවෙකු මෙන් , දියට ලු බලලෙකු මෙන් අමුපතනයන්ට සොසැසදී අමාරුවෙන් කල් ගෙවයි.
අමුපතනය අමුම අමු පිටිසරකි. මෙහි උප තැපැල් කාර්යාලයක් පිහිටුවන ලද්දේ අනා චෙට්ටියාර් ට අයිති විශාල කොහු මෝල් මෙගම ඇති නිසාය. ඔහුගේ බලවත් වුවමනාව පිට තැපැල්පොල පිහිටුවාගත්තා මිස, අමුපතනයන්ට තැපෑලකින් ඇති වැඩක් නැත. ඔවුන්ගෙන් කිසිවෙකු ගමින් පිටට ගිය බවක් අමුපතනයේ ඉතිහාසයෙන් සොයා ගත නොහැක. එහෙයින් අමුපතනයන්ට ගමේ තොරතුරු කියා පිටතට ලියුමක් ලියන්ටවත්, පිටත තොරතුරු කියා අමුපතනයෙකුට ලියුමක් ලියන්නටවත් වුවමනාවක් නොවීය. අමුපතනයේ , ආණ්ඩුව මගින් පවත්වන ලද ස්වභාෂා පාඨශාලාවක් ඇත්තේය. එහි ගුරුවරයා ඉගැන්වීම අතිරේක වැඩක් කරගත් පොලි කිරීම , ඉඩම් බදු  ගැනීම හා ණයකර ගැනීම ප්‍රධාන රක්ෂාව කර ගත් කපටි පුද්ගලයෙකි. එහෙයින් වික්ටර් ට ඔහුගෙනුදු පාළුව හැර ගැනීමට සුදුසු ආශ්‍රයක් නොලැබිණ. ගමේ ගැමියන් හැර එහි තව සිටි සිදාදිකාරයා නම් ජිමී නානාය. ජිමීනානා අමුපතනයේ ගජම ගජ වෙළෙන්දාය. ඔහුගේ කඩයේ හාල් ඇටයේ පටන් අල්පෙනෙත්ත දක්වා ගැමියන්ට වුවමනා කොයිකත් ඇති බව ගමේ විශ්වාසයයි. ඔහුගෙනුදු වික්ටර් ට පාළුව හැර ගැනීමට තරම් ආශ්‍රයක් නොලැබිණ. අමුපතනයේ පන්සල පුරාණ රජමහා විහාරයකි. එහි අධිපති භික්ෂුව පතනයන්ට වඩා නාගරික වුවෙකු නොවේ. දැන උගත් කෙනෙක් නමුත් , අමුපතනයන් කියන හැටියට උන්වහන්සේට පාඨශාලා ගුරුවරයාටත් වඩා හොඳින් අකුරු කියවෙන්නේය. කාරනකාරණා දැනීම අතින් නම් , මරක්කයා වන නමුත් ජිමී නානා මේ දෙන්නාටම වඩා හොඳ බව අමුපතනයන්ගේ විශ්වාසය වේ.
වික්ටර් තැපැල්පොළ  භාරව ආ නමුත් ඔහු එයට වඩා උසස් රක්ෂාවක් බලාපොරොත්තු වූවෙකි. වික්ටර් පිලිබඳ මව්පියන් මුලින් කල්පනා කලේ ඔහු බැංචියට නොනැග නොනවතින තරමේ උසස් වන්නෙකු කියාය. එහෙත් ඔහුටත් ඉංගිරිසි පාඨශාලා හැරයාමේ විභාගය ට ඉහලින් යමක් කරගත නොහැකි විය. මෙහෙම වූයේ ඔහුගේ දක්ශකමේ අඩුවක් නිසාවත් මව්පියන් වියහියදම් නොකළ නිසාවත් නොව වෙන කිසියම් ගුප්ත ඉරණමක් නිසායැයි කවුරුත් කල්පනා කළහ.
කොහොම හෝ ඇති ඇත්තේ දහිරිය දමා හා පුරා කියා ලබා ගත් මේ රක්ෂාව එපා වන තරමට වික්ටර් ට දැන් පාළුව දැනේ. ඔහුට මෙහි නිසොල්මන් කම්මැලි නිදිමත ගතිය, පැහැයෙන් තොර අඳුරු බව , අවිනීත දළ ගොරෝසුව කොතෙකුත් දැරිය නොහැකිය. ඔහුට නගරය සිහිවේ, කොළඹ සිහිවේ. එහි ඇති කඩිසරකම උද්යෝගය, පැහැබර බව විනීත බව සිහි වේ. කොළඹ සිහිවූ ඇතැම් විට ඔහුට එහි හිඟා කකා පාරක් ගානේ ඇවිදීම පිටිසර අමුඩයන් අතර රජ කරනවාට වඩා මැනවයි කල්පනා වේ.
ඔහු තමාගේ උදාසීන බව මවට ලියා හැරියේය. පියාට ලියා හැරියේය. යහළුවන්ට ලියා හැරියේය. ඒ කාගෙනුත් ඔහුට ලැබුනේ ගිය වැඩේ කර ගැනීමට හිත හදා ගන්නවා මිස අනන් මනන් කල්පනා නොකළ යුතුයි කියන අවවාදයයි. ඔහු බැරිම තැන හැම සෙනසුරාදාම කොළඹ යෑමට තීරණය කර ගත්තේය. ඒ සඳහා යන වියදම බැලුවේය. තමාගේ පඩිය එයට අවකාශ නොදෙන බව පෙනුනේය. දැනටත් කිසියම් මුදලක් මාස්පතා ඔහුට ගෙදරින් ගෙන්නා ගැනීමට සිදු වී තිබේ. එහෙයින් මේ ප්ලෑන එතනම කඩා බිඳ වැටුණි.
ඉඳහිට මුද්දරයක් ගැනීමට එන, ලියුම් තිබේදැයි ඇසීමට එන මෝලේ වැඩකරුවෙකු සමග කතාවට වැටීමට ඔහු වෑයම් කළේය. ඔහුගෙන් මෝල ගැන විමසුවේය. මෝලේ ස්වාමියා ගැන විමසුවේය. නමුත් මේ නාගරිකයාට අසරණ මෝලේ කම්කරුවෙකු සමග දුර දිගට කල හැකි කතාවක් නැත. කතාව එතනම නවතී. මෝල් කම්කරුවා ආපසු යයි. දවස තිස්සේ මේ කුඩා ගෙයි හුදකලාව වෙසෙන වික්ටර් ගේ හිතට එන්ට එන්ටම පාළුව වැඩිවැඩියෙන් දැනෙන්නට වන.
ඔහු මේ පාළුව නැති කර ගැනීමට, කාලය ප්‍රීතියෙන් ගත කිරීමට කිසියම් පිළිවෙලක් සොයමින් පසු වෙයි. අමුපතනයට සිනමා ශාලාවක් , සමාජ ශාලාවක් හෝ සෙල්ලම් පිට්ටනියක් නැති බව අමුතුවෙන් කිවමනා නොවේ. වික්ටර් කවි හදන්නට වෑයම් කළේය. අහසේ පාවෙන වලාකුළ, සුළගින් නැමෙන රුක් හිස, පළල් වෙල් යාය බලා කවියන් සිතන්නා මෙන් සිතන්නට වෑයම් කළේය. එය නම් නිකම්ම පිස්සුවක් විහිළුවක් ලෙස ඔහුට වැටහෙන්නේය, කවියක් තැනීමට අහසේ වලාකුළ, විශාල රුක් හිස, පළල් වෙල් යාය නොව සුන්දර ලලනාවක් වුවමනා බව ඔහු සිතුවේය. අමුපතනයේ එබන්දෙකු නැති බව ඔහුට වැටහේ. ඔහුගේ කවිත්වය මතු කර ගැනීමට පිහිටක් අමුපතනයෙන් බලාපොරොත්තු වීම සහරාවෙන් සරු බිම් යායක් බලාපොරොත්තු වීම වැනි නිෂ්ඵල වැඩකැයි ඔහුට වැටහේ. කවියා දුටුව දෙයට වැඩි සිතින් මවා ගත් වස්තුව කෙරෙහි ආලය කරන බව ඔහු අසා ඇත. සිතින් සුන්දර වස්තුවක් මවා ගැනීමට, ඒ මවා ගත දෙයට ප්‍රේම කිරිමට ඔහු වෑයම් කළේය. එය කවියක් ලිවීමට තරම් පැහැදිලි මාතෘකාවක්දැයි ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කළේය. කවිය නම් කොහොමවත් ඔහුට ලිය නොහැකි බව දුටු විට වෙන යම් මගක් ගැන සිතුවේය.
නවකතාවක් ලිවිම කවියකට වඩා ලෙහෙසිය. එහෙයින් නවකතාවක් ලිවීමෙන් පාළුව මකා ගැනීමට ඔහු කල්පනා කළේය. කල්පනා කොට එදා සවස ජිමි නානාගේ කඩයෙන් කඩදාසිවල අධික මිලවත් නොසලකා දුසිම් පහක් මිලට ගත්තේය.
කතාව පටන් ගැනීමට ඔහු නොයෙක් අතින් මාන බැලුවේය. වර්ණනාවකින් පටන් ගත්තේය. හරි ගියේ නැත.දෙබසකින් පටන් ගත්තේය. හරි ගියේ නැත. ප්‍රේමයකින් පටන් ගත්තේය. හරි ගියේ නැත. අලුත් අලුත් පිටකින් පටන් ගත්තේය. හරි ගියේ නැත. දැන් ඔහුට පටන් ගැනීමට ක්‍රමයක් නැත්තේය. නවකතාවක් ලිවිම නොව නවකතාවක් පටන් ගැනීම මහත් අමාරු කාරියක් බව ඔහු තේරුම් ගත්තේය. කතාවක් ගොතා ගැනීමට ඔහු ඔහුගේ අතීතය, යහළු විශ්වාසයන්ගේ අතීතය හරා බැලුවේය. නමුත් ඒ කිසිවෙකින් කතාවට ගත හැකි තරමේ පිටිවහලක් ඔහුට නොලැබුනේය.
  නවකතා වැඩේ හරි නොයන බව දුටු ඔහු කෙලින්ම ලියා හැරියේ සායම් සහ පින්සල් කිහිපයක් වී.පී මගින් ගෙන්නා ගැනීමටය. අප්‍රමාදව ලැබුණු මෙයින් ලක්ෂණ චිත්‍ර ඇදීමට ඔහු හිතට ගත්තේය. පළමුවෙන්ම ඔහු මලක් ඇන්දේය. එය මලක් නොව නිකම්ම නිකම් සායම් ගොඩක් බව ඔහුට පෙනුනි. ගසක් ඇන්දේය. ගඟක් ඇන්දේය. කන්දක් ඇන්දේය. මේ කොයි එකත් එකවගේය. එකකවත් චිත්‍රයකට ගතහැකි දෙයක් නැති බව ඔහුට පෙනුනේය.
කවි ලියා ඉවරවූ, නවකතා ලියා ඉවර වූ ඔහුට චිත්‍ර ඇද ඉවර වීමටද වැඩි දවසක් ගත වුයේ නොවේ. මේ කිසිවකින් ඔහුගේ පාලුවට කිසිම පිටිවහලක් නොවිය. ඔහු අන්තිමේදී බටලී නලාවක් පිඹීමට ඉගෙනීම වියදම් අඩු හොඳ වැඩකයි සලකා හොඳ නලාවක් කොළඹින් ගෙන්වාගත්තේය. එය පිඹීමට ඔහු වෑයම් කරන විට , ඔහුගේ වෑයමට විහිලු කරන්නාක්මෙන් එයින් නිකුත් වුයේ තෙල් හිඟ කරත්ත රෝදයකින් නිකුත් වන අමිහිරි හඬ වැනි එකකි. ඇතැම්විට බර පැටවූ කරත්තය ඇදීමට නොහැකිව නවතින ගොනෙකු මෙන් නලාව කිසියම් හඬක් නොදී නැවතීම ඔහුට පුදුමයකි.
තමාගේ වැඩපල ඉවුම් පිහුම් සඳහා ඒ අසල අසරණ මිනිසෙකුගේ දුප්පත් කෙල්ලක් ඔහුගේ මෙහෙකාරිය ලෙස කටයුතු කලාය. ඇගේ මව නැත. මව නැති මේ අසරණ ළදැරිය තැපැල් මහත්තයාගේ තත්වයට සරිලන මෙහෙකාරියක් නොවේ. ඈ දන්නේ අල බතල ටිකක් තැම්බීමටත් හොද්දක් මැල්ලුමක් හදිමටත් පමණි. මෙය වත් හරියට කර ගැනීමට තරම් ඇයට වයස වත් ශක්තියවත් නැත. ඇගේ වයස වැඩිම ගණනේ  දහහතරක් වෙන්නට ඇත. ඈ උදෙන් පැමිණ වැඩපල කරදී සවස් වන විට ආපසු යන්නීය. මේ තනි පුද්ගලයාට වුවමනා ඉවුම් පිහුම් කරන්නේ ඒ සඳහා දර වතුර සපයා ගන්නේ ඈ මහත් අමාරුවෙනි. ඇයට ඇති එකම සැනසීම නම් මේ තැපැල් මහත්තයා අනෙක් අය මෙන් සැර පරුස කෙනෙක් නොවීම පමණකි. ඈ දවසින් වැඩි හරිය ගත කලේ කුස්සියේත් ලිඳ ලඟත් අසල බඩවැටියෙත්ය. ඇගේ ඇඳුම් ඇඟලුම් කිලිටිය. ඇයට ඇඳුම් ඇඟලුම් පිරිසිදුව තබාගැනීමට පුළුවන්කමක්වත් වුවමනවක්වත් නැත. ඈ එතරම් දුප්පත්ය . එතරම් ලාබාලය.
වික්ටර් අතැම් විට ඈ වැඩපල සදහා වෙහෙසෙනවා දැක කණගාටු වන්නේය. ඇගේ අසරණ කම ගැන කණගාටු වන්නේය. මවකගේ ආදරය, සහෝදර සහෝදරියකගේ ආදරය ලබා සෙල්ලමින් ගත විය යුතු වයස මෙසේ දළ මෙහෙවරකට ගත වෙනවා දැක කණගාටු වන්නේය. ඔහුට ඇය දකින විට ගෙදර ඇති බාල නැගණි සිහිවන්නේය. ඈ මෙම්බදු තත්වයකට වැටුනානම් කෙසේදැයි කණගාටු වන්නේය. දැන් ගෙවන රුපියල් තුන පුළුවන් කමක් ලැබුණු වහාම තව දෙකක් එකතු කොට පහක් කිරීමට ඔහු සිතා සිටින්නේය.
ඈ ඉතාම කීකරුය. ඉතාම බියසුලුය. සුටි ඇගේ නමය. සුටි දවසිමන් දවසම තැපැල් මහත්තයා කෙරේ ගෞරවයෙන් භක්තියෙන් වැඩුනාය. ඇයට දැන් වෙනදාට වඩා හොඳය. වෙනදා ඈ පියා වැඩට ගොස් එනතුරු තනියම ගෙයි විසිය යුතුය. කෑමට දෙයක් නැතුව හෝ කිරීමට වැඩක් නැතුව නිකම්ම විසිය යුතුය. දැන් අයට කලයුතු වැඩක් තිබේ. කෑමට දෙයක් තිබේ. ඇයට එය සතුටට කරුණක් මිස අසතුටට කරුණක් නොවීය. කවදත් සවස පියා සමඟ ඈ කිවේ තැපැල් මහත්තයාගේ හොඳකම ගැනය. කරුණාව ගැනය. ආදරය ගැනය.
තැපැල් මහත්තයා වැඩි සතුටකින් පසු නොවන බව ඈ දන්නීය. ඔහු බලාගත් ඇත බලාගෙන ඉන්නවා ඇයට දැරිය නොහැක. ඇතැම් විට ඔහුගේ දෙනෙත කඳුලින් තෙමී තිබෙනවා ඇය දැක තිබේ. නමුත් මේ කිසිවක් ගැන ඇයට අසන්නට පුළුවන්කමක් නැත. ඇය එතරම් බියසුලුය. එතරම් බාලය.
තැපැල් මහත්තයාගේ කාලයෙන් වැඩිහරියක් පත්‍රය බලමින් ගත කරනවා ඇයට පුදුමයකි. ‘බැලීමට මෙතරම් දෙයක් මේ විශාල කඩදාසියේ තියෙන්නේ කොහොමදැයි’ ඇයට වටහාගත නොහැක. ලක්ෂණ පින්තූර නැති කඩදාසියක බැලීමට දෙයක් ඇතිබව ඇයට වටහාගත නොහැක. ඈ අකුරු නොදන්නිය. ඈ අකුරු නොදන්නවා පමණක් නොව අකුරු දන්නන් ලොව ඇති බවවත් නොදන්නිය. නමුත් තැපැල් මහත්තයා පත්‍රය බලනා නිසා ඇයටද ඒ දෙස බලමින් නිසොල්මන්ව සිටීමේ ආශාවක් ඇතිවී තිබේ. දිනක් ඈ දහවල් කෑමෙන් පසු පත්‍ර ගොඩෙන් එකක් ගෙන කුස්සියට වී එය දිගහැර බලන්නට වුවාය. මෙය සිරිතක් වශයෙන් කිහිප දිනයක් කෙරෙන්නට ඇත. දවසක් කුස්සියට ගිය වික්ටර් ට ඇය පත්‍රය බලමින් සිටිනවා දක්නට ලැබුනේය. ඈ අකුරු නොදත් බව ඔහු දන්නේය. ඇගේ මේ ගතිය මිනිහාගේ හිත අනුකම්පාවෙන් පිරවීමට හේතු විය. එදා සවස විවේක වෙලාවේ වික්ටර් මෙහෙකාරියට ඇමතුවේය.
“සුටි උඹ අකුරු ඉගෙනගන්න කැමතිද?”
“මහත්තයා කියනවානම් කැමති”
“ඇයි, උඹ කැමති නැද්ද”
“මම අකුරු දන්නේනැහැ”
“මම උඹට උගන්වන්නම්”
“මොටද මහත්තය අකුරු?”
“ඇයි අකුරු ඉගෙනගත්තම පත්‍ර මේ පොත් ඔක්කොම කියවන්න පුළුවනි” සුටි ඔහු දෙස බැලුවේ ඇගේ විශාල දෙනෙත් පුදුමයෙන් පුරවාගෙනය.
පාළුව නිසා අමාරුවෙන් කල්ගෙවන ඔහුට මේ ඉගැන්වීම ප්‍රීතියක් විය. සුටි දැන් අකුරු අඳුනයි. අකුරු දෙක තුනක් ඇති වචන කියවන්නට පුළුවන් වූ ඇයට ඇති වුයේ මහත් පුදුමයකි. දැන් ඈ සැමදාම සවස කෑමෙන් පසුව පොත කියවාගැනීම සඳහා කුස්සියට වී පසුවන්නිය. ‘ දැන් දැන් මහත්මයා තමාට අඬගසනවා ඇතැයි’ ඇහුම්කන් දීගෙන සිටින්නීය. ඉගෙනීම ආරම්භ කල තැන පටන් ඈ තැපැල්පල අසල පිහිටි ඇගේ ගෙට යන්නේ තරමක් රෑ බෝ වූ පසුය. වික්ටර් තම මෙහෙකාර කෙල්ලගේ සිහිය ගැනත්, ඉගෙනීමට ඇති ආශාව ගැනත් කැමති විය. පොත කියවන විට මේ දෙදෙනා අතර තොරතුරු කතා බහද පවතී. ඇතැම් විට වික්ටර් ඇයට ළමයින් ඇසීමට කැමති කථාන්තරයක්ද , ඇතැම් විට කොළඹ තමාගේ සහෝදර සහෝදරියන් ගැනද කියයි. නිතර නිතර ඇසීමෙන් ඇයට, කොළඹ වෙසෙන ඔහුගේ මව, පියා, සහෝදරිය හා සහෝදරයා හොඳින් දැන අඳුනන තරමට ප්‍රකටව පෙනේ. ඔහු ඔවුන් ගැන එතරම් දේ ඇයට කියා තිබේ. ඇතැම් විට ඈ ඇගේ පිය ගැනත් , තමා දුටු බවක් මතක නැති මළ මව ගැනත් ඔහුට කියන්නීය. ඈ ඇගේ පියාගෙන් අසා දැනගෙන සිටින , මුතු කුමාරිගේ කතාව, වෙස්සන්තර කතාව වැනි කතාද කියන්නීය. ගමේ හොල්මන් වන තැන, යකුන් ප්‍රේතයන් ගැවසෙන තැන්, නර බිලි ගන්න තැන් ගැන කියන්නීය. මේවා කියන විට යටම බය භීථි සිතී ඇගේ දෙනෙතට කඳුළු උනනවා, තැති ගන්නවා ඔහු දැක තිබේ. මෙබඳු කතා කී ඇතැම් දිනවල , හූ හඬක් ඇසෙන තරමේ ළඟ පිහිටි ඇගේ ගෙට තනියම යා ගත නොහැකිව , ඈ ලතැවෙනවාද ඔහු දැක තිබේ. එසේ රෑ බෝ වූ ඇතැම් විට ඇගේ පියා ඇය කැඳවාගෙන යෑමට එයි. ඇතැම්විට වික්ටර් ඇය ගෙය කිට්ටුවට ඇරලා එයි.
වර්ෂා කාලය අමුපතනයට සතුටුදායක කාලයක් නොවේ. එක වැස්සෙන්ම මග තොට මඩ වී යන , වෙල් කුඹුරු පිරී යන අමුපතන වැස්ස බැඳගෙන වහින වැස්සකි. මුළු දවසටම හිරු එලිය බිමට වැටෙනු නොදී බැඳගෙන වහින වැස්සකි, වැස්ස සතියකින් දෙකකින් කෙලවර නොවේ. සති ගණන් බැඳගෙන වහින්නේය. උදයේත් වසින්නේය, සවසත් වසින්නේය. රැත් වසින්නේය. නම නියමයක් නැතිව වසින්නේය. වික්ටර් ට අමුපතනය හොඳටම තිත්ත වුයේ වැස්ස පටන් ගත තැන සිටය. ඔහුට කොළඹ අගය ගෙදර, ගෙදර අගය, සහෝදර සහෝදරියන්ගේ අගය, මවගේ අගය, පියාගේ අගය, යහළුවන්ගේ අගය වැඩි වැඩියෙන් දැනෙන්නේ අමුපතනය කෙරේ කලකිරෙන විටය. එහෙයින් ඔහු අමුපතනය හැර කොළඹ හෝ කොළඹට අසන්න තැපැල් පලකට පත්වීමක් ඉල්ලා දෙපාර්තමේන්තුවට ලියා හැරියේය. ලියුම් පිට ලියුම් යැවුවේය. එබඳු පත්වීමක් හදිස්සියේ දිය නොහැකි බව ඔහුට ලැබුණු පිළිතුරය. ඔහුගේ හිතට ඇතිවූ වේදනාව කියා නිම කල නොහැක. ඔහු අන්තිමේදී රස්සාවෙන් ඉල්ලා ඇස වීමට තීරණය කරගත්තේය. තීරණය කරගෙන මාසේ අන්තිමට තමා රාජකාරියෙන් අස්වන බව දන්වා හැරියේය.
ඔහුගේ අස්වීම පිළිගන්නා බව සඳහන් ලියුම සතියක් ඇතුලත ඔහුට ලැබුනේය. දැන් ඔහු අලුත් ජිවිතයක් ආරම්භ කරන හැටි සිත සිතා වැඩ කරයි.
සුටි වැස්ස ඇතත් නැතත් බිමට එලිය වැටෙන්නට කලින් කුස්සියේ ඇත. ඔහු අවදිවන විට ඈ ඔහු වෙනුවෙන් පිලියල කල උණුවතුර බේසම හෝ කොපි කෝප්පය කවදාවත් වැරදුනේ නැත. ඔහු වෙනුවෙන් වැඩ කිරීම ඇයට ප්‍රීතියකි.
වික්ටර්ගේ හිත තදින්ම පෑරී තිබේ. තමාගේ ඉල්ලීම අනුව පත්වීමක් නොදීමටත් වඩා, ඉල්ලා අස්වීමට යැවූ අයදුම කිසි අමාරුවක් නැතුව දෙපාර්තමේන්තුව පිළිගනිම ගැන වික්ටර් ගේ හිත තදින්ම පෑරී තිබේ. තරුණයෙකුගේ අනාගතය ගැන ක්‍රියා කරන්නේ මෙහෙමදැයි සිතන ඔහුට මාසය අවසන් වීමටත් කලින් යෑමට සිත් දෙන්නේය. එයින් තමා කෙරේ අකරුණාව දැක්වූ නිලදාරින්ට පාඩමක් ඉගැන්වීමට ඔහු සිතා ගත්තා විය හැක. තමාට අසනීප බවත් එහෙයින් 26 වන සිකුරාදා රක්ෂාවෙන් අස්ව යන බවත් ඔහු ලියා යැවුවේ 20 වනදාය. දැන් ඔහු හිත හදාගෙන ඉවරය. එහෙත් සිරිත් පරිදි කටයුතු වල යෙදී සිටි ඔහු තමාගේ ඇඟලුම් , පොත්පත් ටිකෙන් ටික පැක්කිරීමට පටන් ගත්තේය. එහෙත් මේ වෙනස ගැන සුටි නොදනී.
25 වනදා සවස ඈ සිරිත් පරිදි වැඩ කටයුතු අවසන් කොට කුප්පි ලාම්පුව ලඟින් තබාගෙන , පොත පෙරලා පෙරලා , දැන් තමාට තැපැල් මහත්තයා - ගුරුවරයා- අමතනවා ඇතැයි සැලකිල්ලෙන් ඇහුම් කන් දීගෙන සිටියාය. රෑ බෝ විය. ඈ වරක් සෙමෙන් ඔහුට නොදැනෙන පරිදි සාලයට පැමිණ ඔහුගේ කාමරය දෙස බැලුවාය. ඔහු දෙවැලමිට මේසය මත තබා දෙඅත්ලෙන් හිස බදාගෙන කල්පනාවේ සිටිනවා ඈ දදුටුවාය. ඔහුගේ දෙනෙතින් වැගුරුනු කඳුළු වැලක් නාසා දෙකෙළවරින් ගලා නිකට තෙමා තිබෙනවා ඈ දුටුවාය. නමුත් මේ ගැන ඈට අසන්නට පුළුවන් කමක් නැත. ඇය එතරම් බියසුලුය. එතරම් බාලය.  ඈ සෙමෙන් සෙමෙන් ආපසු ගොස් කුප්පි ලාම්පුව ලඟම ලිපට උඩ හිඳගෙන පොත පෙරල පෙරලා කල්පනා කරන්නට වුවාය. පැය බාගයක් පමණ ගත වන්නට ඇත. ඇගේ දෙනෙත නිදිමතින් බර වෙනවා , හිස කිරා වැටෙනවා ඇයට දැනේ. යලිත් ඈ ගොස් කාමරය දෙස බැලුවාය. තැපැල් මහත්තයා කලින් හුන් හැටියටම සිටිනවා ඇය විසින් දක්නා ලදී. ඈ ආපසු ගියාය.
ටික වෙලාවකින් ඈට ඔහු අමතනවා ඇසිනි. ඈ වහාම පොතත් ගෙන ඔහු වෙත ගියාය.
“සුටි අද මට ටිකක් සනීප මදි”
“මහත්තයා, කොත්තමල්ලි ටිකක් තම්බන්නද?”
“නෑ නෑ , කොත්තමල්ලි ඕනෑ නෑ; සුටි, මට මේ පළාත අල්ලන්නේ නෑ, මම හෙට කොළඹ යනවා”
“මහත්තයා සඳුදාට එනවා නේ?”
“නැහැ; මෙහෙන් අස්වී යනවා , අයේ එන්නේ නැහැ”
මේ පිළිතුරෙන් ඇගේ ළමා හිත කොතරම් රිදුනා දැයි ඔහුට එක්වරම පෙනුනේය.
          “සුටි කණගාටු වෙන්න එපා , මම ගියාම මෙහි තව තැපැල් මහත්තයෙක් එයි. ඔහුට උඹ වැඩකාරිය කර ගන්න කියා ලියුමක් දී යනවා”
          “මට ඕනෑ නෑ”
          “ඇයි සුටි , උඹ රක්සාවක් නැතුව කොහොමද?”
          “නැහැ, මම මහත්තයා එක්ක කොළඹ යන්න ඕනෑ”
ඇගේ මේ කියමන කොපමණ ස්ථිරව කී දෙයක්දැයි ඔහුට මොහොතින් වැටහිණි. ඔහු උඩ බිම බැලුවේය. මේ නාඹර වයසේ සිටින කෙල්ලක් කොළඹ ගෙනයාමේ අමාරුව ඔහුට වැටහෙනවා මිස නොවැටහීම පුදුමය නොවේ.
“නැහැ, උඹට මෙහෙ හොඳයි”
          “නැහැ, මහත්මයා ඉන්න තැන මෙහෙට වඩා මට හොඳයි.”
          “සුටි උඹට තේරෙන්නේ නැහැ, උඹ මට එහි ගෙන යන්න බැරි බව.”
          “අනේ මහත්තය යන තැනකට මාවත් ගෙනියන්න”
          “එක නම් කරන්න බැහැ සුටි.”
          සුටි දැන් නිශ්ශබ්දය. දෙදෙනාගේම ඇස් කඳුලෙන් පිරිනි. වික්ටර් දුම්රිය ගාස්තුව පමණක් ඉතිරි වෙද්දී අනික් මුදල ගණන් ගණන් කර බැලුවේය. රුපියල් විසි හතරයි ශත හැට හයයි. එය ඔහු ඇයට දුන්නේය. සුටි එය ප්‍රතික්ෂේප කලාය. ශතයක්වත් නොගන්න බව කියා ප්‍රතික්ෂේප කලාය. ප්‍රතික්ෂේප කොට ඉකි බිඳිමින් ඈ ගියේ කුස්සියටය. වික්ටර් ගේ වේදනාව සිමාව ඉක්මවා ගියේ මෙවිටය.
          එලිය හුළු පත්තු කරගත් ඇය කුස්සියේ දොර වසනවා ඔහුට අසුනේය. නෑහෙන්නට ඇඩුම තද කර හඬන ඇගේ හඬ ඉඳ හිට අසුනේය. එලිය හුලත් ගේට්ටුව පසු කරනවා ඔහුට පෙනිණි. ඇගේ වේදනාත්මක ඉකි බිඳින හඬ ක්‍රමක්‍රමයෙන් දුර්වල වන බව ඔහුට ඇසිණ. ඔහු එදා පහන් කලේ නින්දෙන්ම නොවේ.
          උදය ඔහු දොර හැර ගෙන එලියට එන විට ඔහුට පෙනුනේ පුරුදු පරිදි කටයුතු වල යෙදී සිටි සුටිය. උණු වතුර බේසම, සබන් කෑල්ල , තුවාය වෙනදා මෙන්ම සුදානම්ව තිබුණි.
          ඔහු යන්නේ අමුපතනයෙන් උදේ 8.30 ට පිටත්ව යන බස් රියෙනි. බස් රියට සැතපුම් කාලක් පයින් යා යුතුය. ඔහු ලහි ලහියේ සුදානම් වනු සුටි දුටුවාය. උදය ආහාරය පිලියල වී අවසානය. ඔහුද ගමනට පිලියල වී අවසානය.
          “සුටි මම ඉතින් යන්නම්” යි වික්ටර් කිවේ තම බෑගය මෙහෙකරුවෙකු අත බස් රියට යවා මගට බසිමින්ය. සුටිගෙන් පිළිතුරක් නැත. ඇගේ මුහුණ පොලවට බරව තිබුණි. දෙනෙත කඳුලින් බරව තිබුණි. ඔහු ගියේය. යන ඔහු දෙස ඈ බලා සිටියාය. නොපෙනී යන තුරුම බලා සිටියාය.

Monday, 5 March 2018

වේදනා පච්චයා තව තවත් වේදනා

වේදනා රහලු
කියන්නෙ විඳපු අයලු
වින්ද වේදනා
රස පද වැල් කොට
පරන දිනපොතක
මුතු අකුරෙන් ලීවාමලු

වෙන්නැති බං
හැබැයි ඒ උංට,
මට?
මටත් රහයි තමයි බං
වේදනාව ලීවාම
හීනියට කපලා කපලා
රෑට කන මැල්ලුමක් ගානට
රහක් දැනෙන්න කන්නම ඕනිනේ

අහං ඉන්න අහගෙන ඉන්න

ටිකට් ගත්තට රත්මලානට
පහු කරද්දී ගුවන් තොටුපොල
කොන්දොස්තර අයියෙ
බහිනවා ඉස්සරහ
බොරුපන පාර ලඟ

කොච්චර කැතද බං
උඹ කීව වචන දැං
" ගොලුමඩම බහිනවා"

මඩමෙ උන්නට අපි වේස ගෑනුද
ගොලුයි කීවට කතා කරනවා අපි
ඇහුනේම නෑ නේද

Sunday, 4 March 2018

255- කොට්ටාව, ගල්කිස්ස - kottawa - galkissa

ඔබ අතරමැද නැවතුම් වලින් බසයට ගොඩ වන්නේ නම් , වයසක ආබාධිත හෝ බඩදරු අම්ම කෙනෙක් බසයට ගොඩ වූවේ නම්, ඔව් ඔබ සාමාන්‍යයෙන් එය කරාවි. "හිටගෙන යෑම" . සමහරවිට මුලු බසයටම හිටන් යන්නේ ඔබ පමණි. පසුපස බැලූ විට සියල්ලෝම හොදට හරිබරි ගැසී ඉඳගෙන ඔබ දෙස බලා සිටින බවක් ඔබට හැඟේ. ඔබ සර්කස් චිම්පන්සියා මෙන් පැද්දෙයි. ගිණිපෙට්ටිය වගේ ඇහිරුනු සෙනග සිටින වේලාවක් නම් ඉඳගත්තාට වඩා හොඳට හිටගෙන යා හැක . ඒත් ඒ වේලාවට මැද පේලියේ සිටීම තරම් අවාසනාවන්ත දෙයක් තවත් නැත. ජනේලය පැත්තේ හොඳට ඉඳගෙන නිදිකිරන එවුන් පිළිබඳ පැහැදිලි ඊරිසියාවක් ඇතිවේ. ඉඳන් ඉන්න වුන් එක එක වැඩ කරයි. ඔබට ඒවා පෙනේ. ගමනාන්තය දුර නම් සමහරු මොන මොනවා හෝ කයි , සීතල කල බීමක් බොයි (ගන්නකොට හීතල ,) , සින්දුවක් අහගෙන යයි . දෙකට නැමී වදෙන් පොරෙන් අමාරුවෙන් පත්තරේ කියවයි.

තරුණ වයසේ අයෙක් නම් බොහෝ විට sms ටයිප් කරයි. ඉතින් හිටන් ඉන්න ඔබට නිකමට වාගේ ඒ කෙටි පණිවුඩය කියවෙයි. අනුන්ගේ sms කියවීම හොඳ නැත . ඔබ අහක බලා ගනී. ඒත් කරන්න වෙන වැඩකුන් නැත. ආයෙත් නිකමට මෙන් පරන දේම වෙයි.
............... නෑ බං, ගාන අඩුයි, 17 කට අනිවා සෙට් කර ගන්න පුලුවන්. හැබැයි ඔරිජිනල් හෙඩ් සෙට් එකේ එක කනක් ඇහෙන්නෙ නෑලු.
............... ඔයා බය වෙන්න එපා. ඒ අයිය විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්. මගෙ අයිය වගේ. කියුට් බෝයි අනේ.
......මචන් පෙන් එක අරවයෙන් පුරෝල තියහන්. මන් දැන් එන ගමන්. පට්ට සෙනග බන්.
......ඔයා එදා කීව දේට මගෙ හිත රිදුන. ඔයා කොහොම කෙනෙක්ද කියල මට තේරුනේ එදා තමයි. මට ජීවිතෙත් එපා වුනා.
...... අනේ සුදූ, බම්මන්නෙක් වගේ එකෙක් මගෙ ගාව හිටගෙන ඔයාට එවන හැම මැසේජ් එකක්ම කියෝ............

එවිටම  ඔබට දුරකතන ඇමතුමක් එයි. ඔබ ටිකක් හයියෙන් පිලිතුරු දෙයි. අනුන්ගේ sms කියවීම හොඳ නැත .